
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා අගවිනිසුරු ප්රිති පද්මන් සුරසේනගේ උපදෙස් පරිදි නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කර ඇත.
නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයේ කටයුතු අද (13) සිට ක්රියාත්මක වන අතර, 2006 අංක 54 දරන පළාත් මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනතේ 5B වගන්තිය ප්රකාරව සිවිල් අධිකරණ බලය ක්රියාත්මක කිරීම සඳහා පිහිටුවන ලද නව අධිකරණය සඳහා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අගවිනිසුරුතුමා විසින් මහාධිකරණ විනිසුරු හසිත සමන් පොන්නම්පෙරුම සහ මහාධිකරණ විනිසුරු චින්තක ශ්රීනාත් ගුණසේකර යන විනිසුරුවන් පත්කර තිබේ.
අධිකරණ ක්රියාවලිය වේගවත් කිරීම සහ අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් අල්ලස් නඩු, කාන්තාවන් සහ ළමයින් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහාද අගවිනිසුරුතුමාගේ උපදෙස් පරිදි වෙනම අධිකරණ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart