
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය මහාධිකරණ විනිසුරු ඒ.ජී. ඇලෙක්ස්රාජාව බදුල්ල සිවිල් අභියාචනා මහාධිකරණය වෙත ක්ෂණිකව ස්ථාන මාරුකිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් යාපනය නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළකර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ, විනිසුරු ඇලෙක්ස්රාජා පසුගිය අප්‍රේල් 22 වනදා යාපනය මහාධිකරණ විනිසුරු ලෙස පත්වීමෙන් මසක් වැනි කෙටි කාලයක් ඇතුළත සිදු වූ මෙම මාරුවීම පිටස්තර බලපෑමක් මත සිදුවූවක් ද යන්න පිළිබඳව සැක මතුවන බවයි.
මෙම ස්ථාන මාරුව මැයි 31 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි.
යම් රිට් පෙත්සම් කිහිපයකට අදාළව, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව මෙම විනිසුරුවරයා විසින් අතුරු නියෝග නිකුත් කර තිබූ බව පෙන්වාදෙන නීතිඥ සංගමය, ආණ්ඩුකාරවරයා විසින් රජයේ සාමාජිකයන් ඇතුළු බලධාරීන්ගේ මැදිහත්වීම මේ සඳහා ඉල්ලා සිටි බවට ද චෝදනා කරයි.
විනිසුරුවරුන් ස්ථාන මාරුකිරීමේ පූර්ණ බලය අධිකරණ සේවා කොමිෂන් සභාව සතු බව පිළිගන්නා අතරම, මෙවැනි පැහැදිලි කිරීමක් නොමැති ක්ෂණික ස්ථාන මාරුකිරීම් හේතුවෙන් අධිකරණය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය පළුදු වීමේ අවදානමක් පවතින බව යාපනය නීතිඥ සංගමය අනතුරු අඟවයි.
“අධිකරණයේ ක්‍රියාවලියට කිසියම් හෝ බලපෑමක් සිදුවන බවට සමාජය තුළ ඇතිවන සුළු හෝ මතය ඉතා බරපතළ තත්ත්වයක්,” යැයි පවසන යාපනය නීතිඥ සංගමය, මේ පිළිබඳව කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම, මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය නායකයා පෞද්ගලිකව හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ද එම සංගමය වැඩිදුරටත් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart