
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිරි දීමනා ලබාදෙන ලෙස ඉල්ලමින් කොළඹ දුම්රිය අංගන සේවකයන් පිරිසක් ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබේ.
අද උදෑසන සිට හදිස්සියේ ඔවුහු මෙම වර්ජනය ආරම්භ කළහ.
ඒ හේතුවෙන් දුම්රිය ගමන්වාර 06 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
බොහෝ දුම්රිය ප්‍රමාද වී ධාවනය විය.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසුව ඔවුන් මෙලෙස වර්ජනය අත්ටුහිටුවීමට තීරණය කර ඇත.
පෙර දැනුම්දීමකින් තොරව ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය මගීහු දැඩි අපහසුතාවට පත්වූහ.
මේ අතර ලොකෝමෝටිව් රියදුරු සංගමය ද හෙට වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart