
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පතිවරයාගේ ධූර කාලය වසර තුනකට සීමා කිරීමේ යෝජනාව තවමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර නොමැති බව වාර්තා වේ.
පොලිස්පතිවරයාගේ ධූර කාලය උපරිම වසර තුනක කාලයක් දක්වා පත්කිරීමේ යෝජනාවලියක් මේ සතියේ පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවට මීට පෙර පළ වූ වාර්තාවලට පටහැනිව, එම යෝජනාව මෙතෙක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන්කර තිබේ.
මේ පිළිබඳ අවධානය යොමුවූයේ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සේවා දිගු හතරකින් පසු නොවැම්බර් 25 වැනිදා පසුගියදා තනතුරෙන් විශ්‍රාම ගිය පසුබිමකය.
සී.ඩී. වික්‍රමරත්න මාර්තු 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව තිබුණද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට සේවා දීර්ඝ කිරීම් කිහිපයක් ලබාදුන්නේය.
වික්‍රමරත්නට අවසන් වරට සේවා දිගුවක් පිරිනැමුණේ නොවැම්බර් 03 වැනිදායි.
ඒ අනුව නියමිත විශ්‍රාම කාලයෙන් ඔබ්බට සේවය කිරීමට ඔහුට ඉඩ සැලසිණි.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (CC) අනුමැතිය ලබාදී තිබේ.
දේශබන්දු තෙන්නකෝන් නොවැම්බර් 30 වැනි දින නිල වශයෙන් වැඩ භාරගත්තේය.
ඔහු පත්වීමට පෙර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේය.
මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමට සහ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන බවට දේශබන්දු තෙන්නකෝන් ප්‍රතිඥා දී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් පත්කළේ ඔහුට පැවරී ඇති බලතල අනුව වන අතර තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස මාස තුනක කාලයක් කටයුතු කරනු ඇත.
වාර්තා අනාවරණය කරන ආකාරයට වසර තුනක උපරිම සේවා කාලයක් පිළිබඳ යෝජනාව නිර්මාණය කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් හට පොලිස්පති ධූරය ලබාදීමට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුවෙන් මෙන්ම වෙනත් පාර්ශව වෙතින්ද එල්ලවන චෝදනා තාවකාලිකව යටපත් කිරීමේ පියවරක් ලෙසිනි.
එමනිසා එවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමේ හැකියාව ඉතාම අවම බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart