
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 වසරේ පෙබරවාරි මාසයේ සිට මෙරට රැඳී සිටින රුසියානුවන්ට සහ යුක්රේන ජාතිකයන්ට නොමිලේ වීසා බලපත්‍ර ලබාදීම අවලංගු කිරීමට රජය ගත් තීරණයේ වෙනසක් නොමැති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ප්‍රකාශ කරයි.
ඔහු ප්‍රකාශ කරන්නේ එලෙස සිටින සංචාරකයන් නව වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම හෝ රටින් පිටවීම සිදුකළ යුතු බවයි.
ඔවුන්ට තවදුරටත් නොමිලේ වීසා පහසුකම් නොලැබෙන බව ඇමැතිවරයා තහවුරු කළේය.
2022 වසරේ මාර්තු මාසයේදී, රුසියානු – යුක්රේන යුද්ධය ආරම්භ වූ සමයේ මෙරට නිවාඩුවක් ගත කරමින් සිටි යුක්රේනියානු සහ රුසියානු සංචාරකයන්ට නොමිලේ වීසා දීර්ඝ කිරීමට අවසර දීම සඳහා සංචාරක ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඒ වන විට රුසියානුවන් 11,463ක් සහ යුක්රේනියානුවන් 3,993ක් සිටි බව ප්‍රකාශිත වාර්තා පෙන්වා දෙයි.
2023 වසරේදී, මෙම පහසුකම තවත් වසරකින් එනම් 2024 පෙබරවාරි 22 දක්වා දීර්ඝ කරන ලදී.
එය කල් ඉකුත් වීමට ආසන්න වූ බැවින්, අදාළ වරප්‍රසාදය තවදුරටත් දීර්ඝ කළ යුතුද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සංචාරක අමාත්‍යංශයට, මහජන ආරක්ෂක අමාත්‍යංශයට සහ විදේශ කටයුතු අමාත්‍යංශය වෙතින් වෙන වෙනම අදහස් විමසා තිබේ.
2024 පෙබරවාරි 1 දිනැතිව මෙම ලිපි යොමුකර තිබිණි.
ගැටුම් දිගින් දිගටම පැවතියද රුසියාව සහ යුක්රේනයෙන් පැමිණෙන සංචාරකයන්ට නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට සහ පිටවීමට මේ වන විට හැකිවීම හේතුවෙන් නොමිලේ වීසා ලබාදීම නතර කිරීමට අමාත්‍යංශවලින් කිසිදු විරෝධයක් එල්ල වී නැත.
එහි ප්‍රතිඵලයක් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ සතියේ සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යවමින් නව නීතිය පිළිබඳව අදාළ යුක්රේන සහ රුසියානු සංචාරකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියේය.
අවශ්‍ය ගාස්තු හෝ වැඩි කාලයක් රැඳී සිටීම සඳහා දඩ මුදල් නොමැතිව ඔවුන්ගේ වීසා දීර්ඝ කිරීම තවදුරටත් නොකෙරෙන බව එම ලිපියේ සඳහන් විය.
“එබැවින්, ඉහත කාණ්ඩවලට අයත් රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට 2024/02/23 සිට 2024/03/07 දක්වා දින 14ක කාලයක් තුළ මෙම රටින් පිටවීමට අවස්ථාව ලබා දී ඇති අතර, මෙම කාලය තවදුරටත් දීර්ඝ නොකරන බව ඔවුන් දන්වා තිබිණි.
කෙසේවෙතත්, මේ සම්බන්ධ මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ ජනාධිපති කාර්යාලය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙම පහසුකම අවලංගු කිරීමට නිල තීරණයක් ගෙන නොමැති බවයි.
එබැවින් පූර්ව කැබිනට් අනුමැතියකින් තොරව දින 14ක් ඇතුළත පිටව යන ලෙස ඉල්ලා රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට නිකුත් කළ දැනුම්දීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබිණි.
“ජනාධිපතිතුමා කිව්වේ නැහැ නොමිලේ වීසා ලබාදීම ඉවත් කළා කියලා. ඔවුන්ට දින 14කින් පිටව යන ලෙස දැනුම් දුන්නේ ඇයිද යන්න පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසයි ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටියේ. ඒක වැරදියි. ඔවුන්ට දින 14කින් රටින් යන්න කියන්න බැහැ. ඔවුන්ට පිටව යෑමට හෝ වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා”යනුවෙන් ටිරාන් අලස් ඇමැතිවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart