
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සාරිය නිල ඇඳුම වියයුතු යැයි චක්‍රලේඛයකින් නියමකර තිබියදී කලිසමකින් හා ටී ෂර්ට් එකකින් සැරසී රාජකාරියට පැමිණෙන්නැයි තමාට බලපෑම් කළ බව අනධ්‍යයන තනතුරුධාරිනියක් ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරයාට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබේ.
ස්ථාන මාරුවක් ලැබ තමා රාජකාරියට පැමිණි මුල් දිනයේම බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ විදුහලක විදුහල්පතිනියක් මෙසේ නියෝග කළ බව පැමිණිලිකාරිය සඳහන් කරයි.
ගුරුවරුන්ද සාරිය අදින බැවින් බරවැඩ සිදුකරන අනධ්‍යයන සේවිකාවන්ට සාරිය අවශ්‍ය නැතැයි කියමින් විදුහල්පතිනිය පරුෂ වචනයෙන් බැනවැදී තිබෙන බවත්, අනධ්‍යයන තනතුරුධානියන්ගේ නිල ඇඳුම සාරිය විය යුතු යැයි චක්‍රලේඛ මඟින් පැහැදිලි කර තිබෙන බැවින් විදුහල්පතිනියගේ තීරණය පිළිගත නොහැකි බවත්, සමස්ත ලංකා අධ්‍යාපන අනධ්‍යයන සේවක ඒකාබද්ධ සංගමය සඳහන් කර ඇත.
අනධ්‍යයන තනතුරුධාරීන් සේවයට වාර්තා කළ යුතු ආකාරය හා එම නිලධාරීන්ට ආමන්ත්‍රණය කළ යුතු ආකාරය ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා 18/2025 අභ්‍යන්තර චක්‍රලේඛය මඟින් පළාතේ සියලුම විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති පසුබිමෙක විදුහල්පතිනිය එම චක්‍රලේඛය කඩකර ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් දේශබන්දු මද්දුම බණ්ඩාර පවසයි.
එසේම අනධ්‍යයන සේවිකාවන් නිල ඇඳුම වශයෙන් සාරිය යොදාගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ මඟින්ද පෙන්වා දී තිබෙන බවත්, එම නිලධාරිනියන්ගේ නිල ඇඳුම සාරිය ලෙස සඳහන් කර තිබෙන නමුත් බොටම් කලිසම හා ටී ෂර්ටය පිළිබදව චක්‍රලේඛවල කිසිදු තැනක සඳහන් නොවන බවත්, ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරයි.
විදුහල්පතිවරයකුට අනධ්‍යයන සේවකයන්ගේ ඇඳුම පිළිබඳව තීරණය කළ නොහැකි බවත්, ඒ අනුව විදුහල්පතිනිය චක්‍රලේඛ කඩකරමින් අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීය ගරුත්වයට හානියක් සිදුකර තිබෙන බවත්, හෙතෙම ප්‍රකාශ කර තිබේ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart