
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය සතුව සහල් සහ වී ගබඩා නොමැති බැවින් නුදුරු අනාගතයේ දී සහල් මිල ඉහළ යෑමට ඉඩ ඇති බවත්, විශාලතම සහල් සහ වී තොගය පෞද්ගලික අංශය සතු බවත්, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
ඒ අනුව සහල් මිල ඉහළ යෑම පාරිභෝගිකයන්ට බලපාන ආකාරය පිළිබඳව ඇමැති මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කර ඇත.
මේ අතර, පවතින නියඟයෙන් සඳුදා (21) වන විට වී වගාව අක්කර 46,904ක් විනාශ වී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය ඇමැතිවරයාට භාර දී ඇති වාර්තාවේ සඳහන් වේ.
වගා හානිවලින් පීඩාවට පත් ගොවීන් සංඛ්‍යාව 41,402ක් බව එම වාර්තාවේ සඳහන් යැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දක්වා තිබේ.
එමෙන්ම වැඩිම වගා හානිය වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්වන අතර, එය අක්කර 23,286ක් ලෙස ගණන් බලා ඇත.
එම දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ගොවීන් සංඛ්‍යාව 27,904 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
දෙවැනි වැඩිම වගා හානිය වාර්තා වන්නේ උඩවලව ප්‍රදේශයෙන්වන අතර, ඒ අනුව එම ප්‍රදේශයේ වගා බිම් අක්කර 14,667.5කට හා ගොවීන් 5,867කට හානි සිදු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart