
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනධිපති රනිල් වික්‍රමසිංහ වෙත මේ වන විට ලෝකයේම අවධානය යොමුව අති බවත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සෑම විදෙස් සංචාරයක්ම ඵලදායී ලෙස යොදාගෙන අති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවැසීය.
රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බවත්, එබැවින් සියලු පක්ෂ බේද පසෙකලා එම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට දායක විය යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්මනේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
“ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ වසරකුත් මාස හයක් තුළ අන්තයටම වැටී තිබූ රට යළි සංවර්ධනයේ මාවතට යොමු කළ නිසයි. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සෑම විදෙස් සංචාරයක්ම ඵලදායී ලෙස යොදා ගත් බවද සිහිපත් කළ යුතුයි. එදා අප විසින් ටෝකියෝ සම්මේලනයට ඉදිරිපත් කළ “යළි පුබුදමු ශ්‍රී ලංකා” ග්‍රන්ථයේ ඇතුළත් කරුණු අද රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ රටේ දේශපාලනය කරන සියලු දෙනාම එය කියවා ගත යුතුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේදී වගකීම භාර ගන්නා අවස්ථාව වන විට මේ රට තුළ කිසිවෙකුටත් දේශපාලනය කිරීමේ හැකියාව තිබුණේ නැහැ. කිසිම සංවර්ධන කාර්යයක් කිරීමට කිසිවෙකුටත් ශක්තියක් තිබුණේ නැහැ. වසර තුනක් අතපසු වූ එම සංවර්ධන ක්‍රියාවලි ලබන පෙබරවාරි මාසයේ සිට යළි ආරම්භ කිරීමට හැකියාව මේ වනවිට ලැබී තිබෙනවා.”


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart