June 26, 2026

රට තුළ පවතින උද්ධමනය ඉහළ යාම සහ ඊට සාපේක්ෂව ජනතාවගේ ක්‍රය ශක්තිය පහළ යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රීවරයා ඒක පුද්ගල මාසික වියදම 17,170 ක් වශයෙන් පළ වන වාර්තා පිළිබඳව ද ජනමාධ්‍ය හමුවේ කරුණු පැහැදිළි කළේය.

ඔහු පෙන්වා දුන්නේ එම අගය වාර්තා වීමත් සමග බොහෝදෙනෙකු විශ්මයට පත්වූ බව සහ වෙනත් රටක ප්‍රකාශයක් දැයි විමසීමට පවා පෙළඹුනු බවයි.

පවතින තත්වය හමුවේ ජනතාවගේ ක්‍රය ශක්තිය පහළ ගොස් ඇතැයි පැවසූ ඔහු විමසා සිටියේ එදා රුපියල් 100 ක මුදලකට මිලදී ගත හැකිව දේ තිබුණ ද අද රුපියල් 100 කින් මිලදී ගත හැක්කේ මොනවාද යන්නයි.

ජනතාවගේ ජීවම වියදම සැහැල්ලු කර රට තුළ ජීවත් වීමට හැකි තත්වයක් සහ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.