
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය, වලපනේ බස් නැවතුම්පොළේදී නොවැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට යටවීමෙන් 53 හැවිරිදි මගියකු තුවාල ලබා ඇත.
වලපනේ, රූපහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා රාගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයට ගොඩවීමට උත්සාහ කිරීමේදී, බස් රථය සම්පූර්ණයෙන්ම නතරකිරීමට පෙර එහි ඉදිරිපස රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
පෙරවරු 9.45 ට පමණ සිදුවූ මෙම අනතුරින් ඔහුගේ දකුණු පාදයට බරපතළ ලෙස තුවාල සිදුවී ඇත.
ඔහු මුලින්ම වලපනේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාලවල බරපතළකම හේතුවෙන් පසුව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
දීපාවලී උත්සවය වෙනුවෙන් නිවසට පැමිණ සිටි ඔහු, නැවත කොළඹ බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.
සැකපිට බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වලපනේ පොලිසිය පවසයි.
මෙම අනතුර අසල පිහිටි වෙළෙඳසැලක ආරක්ෂිත කැමරාවක සටහන් වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart