
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා ලෙස හදුන්වන මාගල කොට්ටච්චි නන්දියස් පෙරේදා(12) සිය ජීවනගමන්මගට සමුදී ඇත.
පැරණි ජාතික හැඳුනුුම්පතට අනුව නන්දියස් 1914 ජූනි මස 03 වැනිදා උපත ලබා තිබේ. ඔහු මිය යන විට 110 වියේ පසු විය.
මෙතෙක් මෙරට ජීවත් වූ වයස්ගතම පුද්ගලයා ලෙස ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය නිල වශයෙන් සනාථ කර ඇති නන්දියස් මහතා සිව්දරු පියෙකි.
ඉතා නීරෝගි දිවි පෙවෙතක් ගතකළ නන්දියස් තම මුළු දිවියම කැපකර ඇත්තේ කෘෂිකර්මාන්තය වෙනුවෙනි. ඔහුගේ ජීවිකාව ගහකොළ සමඟ බද්ධවූවකි. එහෙත් ඔහු ලිවීමට කියවීමට හැකියාව ඇති, පහ ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූවෙකි.
මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ නීරෝගි දිවිපෙවෙතට හේතු වන්නේ වස විසෙන් තොර පෝෂණීය ආහාර රටාව බවත් වරෙක සදහන් කර තිබිණි. මෑතක් වන තුරුම නිවෙසේ පෝෂණ අවශ්‍යතා සඳහා අල, බතල, මඤ්ඤොක්කා පවා ඔහු වගාකර ඇත.
එමෙන්ම පාන්දරින්ම වත්තපිටියේ වැඩට යන නන්දියස්ට එදා සිටම කැත්ත උදැල්ල ඉතා සමීප වූ බව ඔහුගේ සමීපතමයෝ පවසති. දරුවන් හතරදෙනකුගේ පියකු වන නන්දියස් පුතුගේ පරම්පරාවෙන් සිව් මුනුබුරන් දකින්නෙකි. පුංචිම මුනුබුරාට දැන් වයස අවුරුදු හයකි.
නන්දියස් මුළු ගමම හඳුනන්නේ ‘ලොකු අයියා’ ලෙසයි.
පිරිතකදී, ගංවතුර ආපදාවකදී ඕනෑම කරදරයකදී ඔහු කාගෙත් උදවුවට ගියේය. නන්දියස්ගේ ආදර බිරිය කලකට පෙර මෙලොවින් සමු ගත්තාය. මෑතකදී ශ්‍රවණ තත්ත්වයේ දුර්වලතාවක් ඇති වුණත් ඔහුට හොඳ මතක ශක්තියක් තිබිණි.
මිය ගිය නන්දියස්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ(13) සිදුකෙරිණි.(දිනමිණ)

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart