
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශුද්ධෝත්තම නව පාප්වහන්සේ පත්වීමෙන් අනතුරුව වතිකානයේ කාර්ය මණ්ඩලයේ සුබ පැතුම් පිළිගත් අතර දහහතර වැනි ලියෝ පාප් වහන්සේ ලෙස එහිදී කුඩා දැරියකගේ පොතක සිය පළමු අත්සන යෙදීය.
267 වන පාප්වහන්සේ ලෙස 1955 සැප්තැම්බර් මස 14 වැනිදා උපන් 69 වියැති අතිඋතුම් රොබට් ෆ්‍රැන්සිස් කාදිනල් ප්‍රෙවොස්ට් හිමිපාණෝ ඊයේ(08) පත්වූහ.
උන්වහන්සේ XIV ලියෝ යන නම තෝරාගෙන ඇති බවත් වතිකානය පවසයි.
උතුරු අමෙරිකාවෙන් බිහිවූ ප්‍රථම ශුද්ධෝත්තම පියතුමන් වන උන්වහන්සේ අගුස්තීනු නිකායට අයත් කලක් එම නිකායේ ලෝක නායකයා ලෙස ( Prior General ) ලෙස සේවය කළ අයෙකි.
ශුද්ධෝත්තම XIV ලියොන් පාප් වහන්සේගේ වතිකානයේ දී බැතිමතුන් අමතමින් කියා සිටියේ “සාමයේ ආචාරය ඔබේ හදවත්වලට ඇතුළු වී, ඔබේ පවුල්වලට, සියලු මිනිසුන්ට, ඔවුන් කොතැනක සිටියත්, සියලු ජනයාට සහ මුළු පොළොවටම සාමය ළඟා වීමට මම කැමතියි. ඔබට සාමය ලැබේවා!“ යනුවෙනි.
“පේදුරුතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස මාව තෝරා පත් කර ගැනීමටත්, සාමය, යුක්තිය සොයන එක්සත් කතෝලික සභාව ලෙස ඔබ සමඟ ගමන් කිරීමටත්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට විශ්වාසවන්තව, බියෙන් තොරව, ශුභාරංචිය ප්‍රකාශ කිරීමට, ධර්මදූතයන් වීමටත් රැස්වූ සියලුම කාර්දිනල්වරුන්ට මම ස්තූතිවන්ත වෙමි.
මම ඔගස්ටීනියානු පැවිදි නිකායේ ශාන්ත ඔගස්ටීන්ගේ පුත්‍රයෙක්, ශාන්ත ඔගස්ටින් මෙසේ පැවසීය: “ඔබ සමඟ මම කිතුනුවකු වෙමි, ඔබ වෙනුවෙන් මම රදගුරුතුමෙක් වෙමි.” මේ අර්ථයෙන්, දෙවියන් වහන්සේ අප වෙනුවෙන් සූදානම් කර ඇති නිජබිම දෙසට අප සැමට එකට ගමන් කළ හැකිය.“ යනුවෙන් ද උන්වහන්සේ වැඩිදුරටත් කියාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart