
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයෙන් කොරල් විශේෂ 245 ක් හඳුනාගෙන ඇති අතර, එමගින් මෙරට සාගර පාරිසරික පද්ධතිය ආරක්ෂා කිරීමේ වැදගත්කම තවදුරටත් තහවුරු වේ.
මේ අතරතුර, ත්‍රිකුණාමලයේ නිලාවැලි ප්‍රදේශයේ ස්ථාපනය කෙරෙන කොරල් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ පර්යේෂණාගාරය හරහා පාරිසරික සංරක්ෂණ සහ පුනරුත්ථාපන කටයුතු වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත.
විශේෂයෙන්ම කලු කොරල් (Black Coral) සහ රතු කොරල් (Red Coral) වැනි දුර්ලභ කොරල් විශේෂ සංරක්ෂණය කිරීම කෙරෙහි මෙම මධ්‍යස්ථානයේ විශේෂ අවධානය යොමුවන අතර, ඒවා කෘතිම ලෙස බෝ කිරීමේ වැඩසටහන් ද මෙහිදී ක්‍රියාත්මක කෙරේ.
කොරල් වගාවට අවශ්‍ය ස්වාභාවික සාගර උෂ්ණත්වය සහ පාරිසරික තත්ත්වයන් එලෙසින්ම ප්‍රතිනිර්මාණය කළ හැකි පරිදි මෙම පර්යේෂණාගාරය නිර්මාණය කර ඇත.
මෙලෙස කෘතිමව වගා කරනු ලබන කොරල්, පසුව පතුලේ පැළ කිරීම මගින් විනාශ වී යන කොරල් පර නැවත යථා තත්ත්වයට පත් කිරීමට නියමිතය. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඉකුත් දා මෙම මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් මස අග වන විට අවසන් කිරීමට අපේක්ෂිතය.
ඉදිරියේදී මෙය ‘කොරල් කෞතුකාගාරයක්’ සහ ‘පර්යේෂණ මධ්‍යස්ථානයක්’ ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමගින් විශ්වවිද්‍යාල සිසුන්ට, පර්යේෂකයන්ට මෙන්ම මහජනතාවට ද සාගර පර්යේෂණවල නිරත වීමටත් කොරල් සංරක්ෂණය පිළිබඳව දැනුවත් වීමටත් අවස්ථාව සැලසේ.
සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, සාගර සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම සහ කාලගුණික හා දේශගුණික විපර්යාසවල බලපෑම්වලින් අවදානමට ලක්වූ පාරිසරික පද්ධති සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජය සූදානම් කර ඇති පුළුල් වැඩසටහන් මාලාවට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart