
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව විදුලිබල පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබේ.
මෙම කෙටුම්පත මගින් විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අරමුණු කර ඇත.
එය ජාතික විදුලි උපදේශන සභාව පිහිටුවීමට ද පහසුකම් සපයනු ඇත.
පනත බලාත්මක කළහොත්, 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත අවලංගු වේ.
ඒ අනුව, 2002 අංක 35 දරන මහජන උපයෝගීතා පනත යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙම පනතට අනුව විදුලිබල කර්මාන්තයේ නියාමකයා බවට පත් කිරීමට කෙටුම්පත යෝජනා කරයි.
විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම, වෙළඳාම, සැපයුම සහ ප්‍රසම්පාදනය සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් පැවරී ඇති 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ආයතන සංස්ථාගත කිරීම සඳහා අදාළ වන ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග ද කෙටුම්පත සපයයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාමිණි වලේබොඩ මන්ත්‍රීවරයා පවසන්නේ, මෙම පනත් කෙටුම්පත ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත්තේ, එහි ඇති ව්‍යවස්ථා විරෝධී කරුණු අභියෝගයට ලක්කිරීමට නොහැකි ආකාරයෙන් අධිකරණයේ නිවාඩු දින අනුව සැලසුම් කර බවයි.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා දක්වන අදහස් පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart