
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක දී භික්ෂුවක් ඝාතනය කළ සැකකරුවන් අදාළ භික්ෂුවගේන් යමක් ඉල්ලා ඇති අවස්ථාවේ දී ඇතිවූ බහින්බස්වීමකදී ගිනි අවියකින් අහසට වෙඩි තබා පසුව භික්ෂුවටද වෙඩි තබා ඇති බව පොලිස් පරීක්ෂණවල දී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව පවසයි.
ඝාතනයට පැමිණි සැකකරුවන් ටී 56 වර්ගයේ ගිනි අවියකින් උන්වහන්සේට වෙඩි තබා ඇතැයිද හෙළිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදුවී ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
හිමිනම ඝාතනය සඳහා සැකකරුවන් ව්‍යාජ අංක තහඩු සහිත වාහනයකින් පැමිණ ඇති බවත්, ඝාතකයන් පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නැති බවත්, ඔහු පවසයි.
මේ අතර, භික්ෂුව වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයට අදාළ පුද්ගලයන් පැමිණි බවට සැකකෙරන කාර් රථය කඩුවෙල පොලිස් වසමේදි ගිනි තබා ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණයවී ඇත.
කඩුවෙල පොලිස් වසමේ කැළෑබද පාලු ස්ථානයක සැකකරුවන් විසින් රථයට ගිනිතබා පළාගොස් ඇති අතර, සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart