
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 වසරේ සිදු වු ඉන්ධන බෙදාහැරීමේ වංචා සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පවසා සිටියේ ඉන්ධන වංචාව ව්‍යාජ ලේඛන යොදාගනිමින් සිදුකර ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් කියා සිටියේ පසුගිය වසරේ ආනයනය කළ පිරිපහදු ඉන්ධන විශාල ප්‍රමාණයක් අතුරුදහන් වී ඇති බවයි.
ඔහු සඳහන් කළේ බෞසර් 500 ක අයත් ඉන්ධන ලබාදී තිබුණේ ඉන්ධන ගබඩාවක් නොවන ස්ථානයකට බවත් , මේ සම්බන්ධ තෙල් සංස්ථාවේ නිලධාරීන් තිදෙනකුට උසස්විම්ද ලබාදී ඇති බවත් ය.
ඊට ප්‍රතිචාර දක්වමින් මේ සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීම සඳහා KPMG සමාගම යටතේ වෝහාරික විගණනයක් සිදුකරන බව ඇමැතිවරයා සඳහන් කර සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart