
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කරන ප්‍රකාශ ධනාත්මක වුව ද එහි පවතින ගැටලුව වන්නේ සංචිත නිර්මාණය වීම සිදු විය යුතු වන්නේ මහ බැංකුව තුළින් වීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
රටක් ලෙස එලෙස ධනාත්මක ප්රතිපත්තියකින් කටයුතු කිරීම වැදගත් වුව ද ඒ සඳහා අවශ්‍ය සංචිත රැස් කර ගන්නේ කෙසේද යන්න තවමත් ගැටලුකාරී බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.
අමෙරිකානු ඩොලර් මිලියන 14600 ක් ඒ සඳහා රැස් කර ගත යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මේ වනවිට පවතින්නේ 6900 ක් ප්‍රමාණයක් බැවින් අමෙරිකානු ඩොලර් මිලියන 8000 ක් මාස 23 කදී එක් රැස් කර ගැනීම පහසු නොවන බව ද පෙන්වා දුන්නේය.
ඒ සඳහා මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 400 ක් පමණ එක් රැස් කර ගත යුතු බැවින් එවැන්නක් සිදු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් රජය පැහැදිළි කිරීමක් කළ යුතුව ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
පිටස්තර ලෝකය ද මේ සඳහා ගනුදෙනු කිරීමට එක්වන්නේ එවැනි පැහැදිලි සැලසුමක් පවතින්නේ නම් පමණක් බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart