
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන තරගයටද වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ.
වර්ෂාව පතිත වන අවස්ථාවේ පන්දු රකිමින් සිටි ඉන්දීය නායක රොහිත් ෂර්මා ඒ පිළිබඳව සිය කලකිරීම ප්‍රකාශ කළේ සිය දෑත් දෙපසට දිගහරිමිනි.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයද වර්ෂාව හේතුවෙන් අතරහැර දැමු අතර, මෙම තරගයද අතහැර දැමිමට සිදුවුවහොත් එතුළින් ඉන්දියාවට ගැටලුකාරිත්වයකට තරගාවලිය තුළ මුහුණදීමට සිදුවේ.
පළමුව පන්දුවට පහරදෙමින් සිටි නේපාල ඉනිමේ පන්දුවාර 37යි පන්දු 05ක් අවසානයේ ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වූ, අතර ඒ වන විට ඔවුන් කඩුලු 06 ක් දැවිවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 178කි.
අසිෆ් ෂෙයික් ලකුණු 58ක් ලබාගත්තේය.එහිදී
පන්දු යැවිමේදී රවින්ද්‍ර ජඩේජා කඩලු 03ක් සහ මොහොමඩ් සිරජ් කඩුලු 02 ක් දවාගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart