
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිරාපත් ව ඇති තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කොට රාමේෂ්වරම් සිට පැමිණෙන මගී සංචාරක යාත්‍රා සඳහා පහසුකම් සැපයීමේ වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
ජැටියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබන්නේ වරාය අධිකාරිය විසින්ය.
ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 1800කි.
වරායේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රජය සතු ඉඩම් අක්කර 10ක භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට ද තීරණය කර තිබේ.
මේ යටතේ නවීන මගී පර්යන්තයක්, ගබඩා සංකීර්ණයක් ඇතුලු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ තලෛමන්නාරම සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවීමට තීරණය කර ඇති බවය.
තලෛමන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර මගී යාත්‍රා සේවාව සඳහා ඉන්දීය රජයේ අනුමැතිය නුදුරේදීම ලැබෙනු ඇති බවද මෙම සාකච්ඡාවේදී අනාවරණ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart