
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක ප්‍රසිද්ධියට පත් දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත සහ පසුගිය කාලවලදී ආන්දෝලනයට තුඩු දුන් නුවරඑළිය ඓතිහාසික රෝස තැපැල් කාර්යාලයේ අකුණු සන්නායකයට හානියක් සිදුවී ඇති බවට නුවරඑළිය තැපෑලෙන් සිදුකළ පැමිණිල්ලට හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුකළ දැනුම්දීමට නුවරඑළිය පොලිසියේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, එසේ ක්‍රියාමාර්ග නොගැනීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවත් නුවරඑළිය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.
නුවරඑළිය සුරකීමේ සංවිධානය වෙනුවෙන් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ගයාන් චතුරංග විජයබණ්ඩාර සහ නාලක දිනේෂ් රත්නායක අද (20) උදෑසන ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව කියාසිටියේය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළියේ සුරැකීමේ සංවිධානයේ සාමාජිකයෝ මෙසේ පැවසූහ.
“මෑතකදී සංවර්ධන කටයුතු ආරම්භ කල පුරාවිද්‍යාත්මක හා පෞරාණික වටිනාකමින් යුත් නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලයේ අකුණු සන්නායකයට සම්බන්ධ තඹ පටිය මැදින් කැඩී ඇති බවට සහ ඒ හරහා අකුණු සන්නායකයට හානියක් සිදු වී අකුණු සන්නායකය අස්ථානගත වී ඇති බව පවසමින් නුවරඑළිය තැපැල් ස්ථානාධිපතිවරිය විසින් 2026.04.10 වන දින නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඒ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමුකර දැනුවත් කර තිබෙනවා. පොලිසිය වෙත සිදුකළ එම පැමිණිල්ලෙන් පසුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදු කරනලෙස නුවරඑළිය පොලිසියට 2026.04.29 ලිපියක් මගින් දැනුම් දී විමසීමක් කර ඇතත් මේ වෙනවිටත් කිසිදු විමර්ශන කටයුත්තක් විධිමත්ව ආරම්භ කර නෑ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගැටලුවට මැදිහත් වෙන්නේ නුවරඑළිය තැපැල් කාර්යාල කාර්යාලය 2007.02.23 පුරා විද්‍යා ස්ථානයක් බවට ගැසට් පත්‍රය මගින් නම්කරලා තියෙන නිසා. පුරාවිද්‍යා පනත අනුව පුරාවිද්‍යා ස්ථානයක අඩියක් හෑරුවත් මාස ගණන් හිරේ යන්න වෙනවා. මේක පුරාවිද්‍යාවට අයිති ගොඩනැගිල්ලක්. ඒකෙ තියෙන අවුරුදු සිය ගණනාවක් පරණ කෝටි 500ක් කෝටි 1000 ක් වගේ වටින සන්නායකගේ මහදවාලයේ කොල්ලකෑව එකට ක්‍රියාමාර්ග නොගන්නා තරමට මේ රට වැටිලාද තියෙන්නේ ඇයි ? කාගෙන්ද බලපෑම් එන්නේ මේ ගැන පරීක්ෂණ කරන්න එපා කියන එක අපිට දැනගන්න ඕන ? නැත්නම් කියයි අකුණු සන්නායකයේ විකුණවූවා විකුණපු සල්ලි හැකර් ගැහුවයි කියලා. මේවා හැකරලගෙවත් පැලවත්තේවත් දේපළ නෙමෙයි. නුවරඑළිය ජනතාවගේ පාරම්පරික අයිතිය මේක රැකගන්න අපි එකතු වෙන්න ඕන.
පැමිණිල්ලක් ලැබිලත් ඒ පැමිණිල්ලෙන් පසු නැවත පුරාවිද්‍යා එකෙන් දැනුම්දීමක් ලැබිලත් මේ ගැන නිසි විමර්ශනයක් සිදුකරන්නේ නැත්තේ ඇයි කියන ලොකු සැකයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ විදෙස් සමාගමට විකුණන බව පවසා ඒ රැකගැනීමට අවශ්‍යතාව මත රැකගන්නට කටයුතු කළ අය කඩිමුඩියේ මෙය සංවර්ධනය කිරීමට ගත් එකක් ලොකු සැකයක් මේ වෙලා තියෙන අපරාධයත් එක්ක. සාමාන්‍ය මූල්‍ය වංචාවක් සිදුවුණා නම් ඒ පිළිබඳව විධිමත්ව අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි. යම්කිසි සැකයක් ඇත්නම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදුකළ යුතුයි. මිල කළ නොහැකි කෝටි ප්‍රකෝටි ගණන් වටිනා අකුණු සන්නායකයක් හානිවීමක් වූ අස්ථානගත වීමක් පිළිබඳව මතුව ඇති මෙම ගැටලුවේදී පොලිසිය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හා අධිකරණයට කාරණ වාර්තා නොකිරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයෙක් ඇත්තේ ගැන සැකයක් දැඩි ලෙස මතුවෙනවා.
මෙම කරුණ පිළිබඳව නුවරඑළියේ ජනතාවට අවිදින් සිටින නිසාත් අපි ආරාධනා කරනවා ඒ වගේම එදා තැපෑල රැකගන්න ආපු අයට අපි එන්න කියනවා
තැපැල් ස්ථානාධිපතිවරිය විසින් සිදුකළ පැමිණිල්ල පිළිබඳව සහ වර්තමාන විමර්ශන කටයුතු පිළිබඳව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉඳුනිල් ප්‍රේමලාල්ගෙන් ජනමාධ්‍ය සිදුකළ විමසුමකට ඔහු පවසා ඇත්තේ, අදාළ පැමිණිල්ල අනුව සිදුවිය යුතු විමර්ශන කටයුතු නිසි අන්දමින් සිදුවී ඇති බවයි.
තවද පැමිණිල්ලට අදාළව කටඋත්තර කිහිපයක්ද මේ වන විට සටහන් කරගත ඇති නමුත්, එම තොරතුරු ජනමාධ්‍යයට නිරාවරණය කිරීමට නොහැකි අතර, එම පැමිණිල්ල සම්බන්ධව ඉදිරි නීතිමය කටයුතුද කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart