
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විෂ මත්ද්‍රව්‍ය භාවිත කර මඟී ප්‍රවාහනය කරන වාහනවල රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය තහනම් කිරීමට පියවර ගන්නැයි නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාරගෙන් ඉල්ලීමක් කළේය.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චිගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (14) රැස්විය.
එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දෙහිදෙනිය පැවසුවේ මෙවැනි රියැදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු දඩ මුදලක් නියම කර නිදහස් කරන බවයි.
එම රියැදුරා නැවත පෙර පරිදිම මත්ද්‍රව්‍ය භාවිත කර මඟී ප්‍රවාහන කටයුතුවල නිරත වන බවත් මේ තත්වය ඉතා භයානක බවත් පොලිස් අධිකාරී දෙහිදෙනිය කීවේය.
“මේ අය හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු මඟී ප්‍රවාහන සේවාවන්වල නියැළෙනවා. අපි ඒ අය අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරනවා. අධිකරණ වෛද්‍ය වාර්තා සමඟ දවසකට එවැනි රියැදුරන් 9ක් හෝ 10ක් අත්අඩංගුවට ගන්නවා. සමහර අධිකරණවලින් සුළු දඩයක් නියම කර මොවුන් මුදාහරිනවා. මත්ද්‍රව්‍ය පානය කර මඟී ප්‍රවාහනය ලෙස සඳහන් කර ඉදිරිපත් කළ විට ඇතැම් අධිකරණ මඟින් රියැදුරුගේ බලපත්‍රය තහනම් කරනවා. එය උසාවියෙන්, උසාවියට වෙනස්. ඇතැම් අධිකරණ දඩ ගහලා යවනවා. මේ නිසා මෙය පාලනය කිරීමේදී යම් ගැටලු මතුවෙනවා” යැයි මෙහිදී පොලිස් අධිකාරී දෙහිදෙනිය ඇමැතිවරයාට කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දී යම් පියවරක් ගත හැකි බැවින් අදාළ ඉල්ලීම ලිඛිතව ලබා දෙන්නැයි ඇමැතිවරයා මෙහිදී දෙහිදෙනිය වෙත දැනුම්දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart