
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නීතිය ඉදිරියේදීත්,සොබාදහම ඉදිරියේදීත් ඒකාන්තවම සත්‍යය හෙළිදරව් කරන්නට සිදුවනු ඇති බව හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර යන ඇමැතිවරු ප්‍රකාශ කරති.
ප්‍රහාරයේ මහමොළකරුවන් සොයා නිසි දඬුවම් පැමිණවීම මගනොහැර කළයුත්තක් බවද ඇමතිවරු අවධාරණය කරති.
ඔවුහු මේ බව සඳහන් කර ඇත්තේ, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමිනි.
එම ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.
“මීට වසර හතරකට පෙර බරපතළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව බොහෝ තොරතුරු දැන් ලෝකය හමුවේ හෙළිදරව් වෙමින් තිබේ. එකී හෙළිදරව් සියල්ල එදා පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට අප කළ ප්‍රකාශයන් සියල්ල යළි යළිත් සත්‍ය වීමකි. සහතික වශයෙන්ම ඔප්පු වීමකි. එබැවින් වඩාත් පුළුල්,අපක්ෂපාතී පරීක්ෂණයක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා දැඩිව වර්තමානයේ දී ඉස්මතු වී තිබේ.
එදා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් අප හඩ නැගුවේ පාස්කු ප්‍රහාරයේ චූදිතයන් සහ එහි මහමොළකරුවන් වහාම නීතියේ රැහැනට කොටුකරගත යුතු බවය. එකී හඩ නැගීම් ඉදිරියේ අපට එරෙහිව එදා ඇතුළු විවිධ පාර්ශ්වයන්ගේ බොහෝ තර්ජන ගර්ජන මෙන්ම අවලාදවලට ද අපට මුහුණදීමට සිදුවිය. එපමණක් නොව,එවක අප නියෝජනය කළ විපක්ෂයේ සමහර නායකයන් පවා එදා මුනිවත රකිමින් සිටි අතර එය අපතුල බලවත් පසුතැවිල්ලකට හේතුවිය. එමෙන්ම අප වඩාත් විශ්වාස කළ ඇතැම් ආගමික නායකයින්ගෙන් පවා අප වෙත පදනම් විරහිත චෝදනා එල්ල විය.
කෙසේ නමුත් ආණ්ඩුව තුළ සිටිමින් අප ඉල්ලීම් ඉදිරිපත් කරන විටදීත්, විපක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිදු හඩක් නොනැගීමත් කණගාටුවට කරුණකි. ප්‍රහාරයේ මහමොළකරුවන් සොයා නිසි දඬුවම් පැමිණවීම මගනොහැර කළයුත්තකි. අසත්‍යයේ කඩතුරාවෙන් සත්‍ය වසන්කළ නොහැකිය.ඔවුන්ට නීතිය ඉදිරියේදීත්,සොබාදහම ඉදිරියේදීත් ඒකාන්තවම සත්‍ය හෙලිදරව් කරන්නට සිදුවනු ඇත.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart