
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින ක්‍රමය වෙනුවට පාතාල අපරාධ මැඬලීම සඳහා වඩාත් දියුණු උපායමාර්ගයක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
ත්‍රිවිධ හමුදාවේ සහ සාමාන්‍ය ජනතාවගේ සහයෝගය ඇතිව අපරාධ මැඩලීමට කටයුතු කරමින් සිටින බව ද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.
මහනුවරට පැමිණි පොලිස්පතිවරයා අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙම අදහස් පළකළේය.
එමෙන්ම ඔහු සඳහන් කළේ, ඇතැම් පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා දේශපාලන අනුග්‍රහය මෙන්ම ඇතැම් පොලිස් නිලධාරීන්ගේ සහාය ද ලැබී ඇති බවයි.
කෙසේවෙතත්, නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු දේශපාලන බලපෑමක් නොමැති බවත්, අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජයේ පූර්ණ සහය ලැබෙන බවත් ඔහු අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පති වීරසූරිය මෙසේද පැවසීය.
වෙඩිතැබීම් සම්බන්ධයෙන් ඒවා විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත්, දැන් වඩාත් සංකීර්ණ වැඩපිළිවෙළක් සමඟ ඉදිරි කටයුතු සිදුකරමින් සිටින බවත්, අනෙකුත් ආයතනවල විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ මහජනතාවගේ සහයෝගය ඇතිව මෙම සිදුකිරීමට සැලසුමක් ඇති බවත් ඔහු පෙන්වාදුන්නේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සිදුකරන ඝාතන අද ඊයේ ආරම්භ වූවක් නොවන බව පෙන්වාදුන් පොලිස්පතිවරයා පැවසුවේ, මේ කටයුතුවලට දේශපාලන ආශිර්වාදය, පොලිස් නිලධාරීන්ගේ සහයෝගය, ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම පැවති බව මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පවා එවැනි අපරාධ සඳහා යොදාගෙන තිබෙන බවයි.
මෙම අපරාධ බොහොමයක් සිදුකරනු ලබන්නේ විදේශයන්හි සිටින පුද්ගලයන් බවත්, ඒවා සොයා මෙහෙයුම් නතර කිරීමට විදේශීය හවුල්කරුවන් සමඟ ශ්‍රී ලංකාව දැන් කටයුතු කරමින් සිටින බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart