
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ප්‍රෙක්ෂකයන්ගේ සහභාගිත්වය සහ වැඩිම නරඹන්නන්ගේ තරගය වන ඉන්දු-පාකිස්ථාන පසමිතුරු සටන තව සුළු මොහොතකින් ආරම්භ වේ.
පස්වරු 2 ට තරගය ආරම්භ විමට නියමිතය.
කෙසේ වෙතත් දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග පහෙන් තරග හතරකම ජය ලබාගැනීමට ඉන්දියාව සමත් වූ අතර, එක් තරගයක් නිමාවූයේ විසඳුමකින් තොරවය.
අද තරගය පැවැත්වෙන්නේ, ලොව ඇති විශාලතම ප්‍රේක්ෂකාගාරය හිමි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වන අතර, එහි ප්‍රේක්ෂකයන් සදහා ආසන 132,000කට ඉඩ පවතී.
ඉන්දියා – පාකිස්ථාන ක්‍රිකට් තරගයට පෙර විශේෂ සැමරුම් උත්සවයක් ද සංවිධානය කර ඇති බව වාර්තා වේ.
මෙම තරගය සඳහා විශේෂ රන් ප්‍රවේශ පත්‍ර කිහිපයක් ද දකුණු ඉන්දීය සුපිරි නළු රජ්නි කාන්ත්, සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හා ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ට පිරිනැමිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart