
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන 30 වනදා ආරම්භ වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයට අබායකට ලක්ව සිටි කේ.එල්.රාහුල් සහ ශ්‍රේයාස් අයියර්ද කැදවා ඇත.
ජස්ප්‍රිට් බුම්රා සහ කිසිදු අන්තර්ජාතික එක්දින තරගයකට සහභාගි නොවූ තිලක් වර්මාද එම සංචිතයට ඇතුළත් වේ.
සුබ්මන් ගිල්, විරාට් කෝලි,ඉෂන් කිෂන්,සුර්යකුමාර් යාදව්,රවින්ද්‍ර ජඩේජා, මොහමඩ් සිරාජ්, මොහොමඩ් සමී, හර්ඩි්ක් පාන්ඩ්‍යා, අක්ෂාර් පටෙල්, කුල්දීප් යාදව් ෂර්දුල් තකූර් සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා නම් කළ ඉන්දීය සංචිතයේ සෙසු ක්‍රීඩකයින්වේ.
ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව ආසියානු කුසලාන තරගාවලියේ සහභාගිවන පළමු තරගය සැප්තැම්බර් 02වැනිදා මහනුවර පල්ලේකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දි පැවත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart