
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අතරමග නවතා දමා ඇති පළාත් පාලන ආයතනවල සියලු ඉදිකිරීම් අවසන් කිරීමට උපදෙස් ලැබී ඇති බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පවසන්නේ, දෙසැම්බර් 10 වැනිදාට පෙර එහි ඉදිකිරීම් අවසන් කරන ලෙස උපදෙස් ලබාදුන් බවයි.
බස් නැවතුම්පළවල සනීපාරක්ෂක පහසුකම් ඇතුළු පළාත් පාලන ආයතනවල අසම්පූර්ණ ඉදිකිරීම් රැසක් ඇති බව රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
මෙම ව්‍යාපෘති වල ඉදිකිරීම් කටයුතු පසුගිය වසරේ ආරම්භ කළ බවද ඔහු සඳහන් කරයි.
රාජ්‍ය ඇමැති වක්කුඹුර වැඩිදුරටත් පවසන්නේ, ව්‍යාපෘති අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවත්, ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි පරිදි ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කරන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart