
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ (UAE) පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේ පළමු සති අන්තයේ දක්වන ලද විශිෂ්ට දක්ෂතා හේතුවෙන්, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ICC කාන්තා T20I ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල සැලකිය යුතු ඉදිරිගමනක් සටහන් කර ඇත.
එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පන්දු 25 කදී නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් සහ පන්දුවාර 3 කදී ලකුණු 10 කට එක් විකට්ටුවක් දවාගනිමින් දක්වන ලද දක්ෂතාවය නිසා, ඇය සියලුම අංශයන්ගෙන් (පිතිකරණයෙන් ප්‍රසාද ලකුණු 734, පන්දු යැවීමෙන් 552 සහ සර්වකාලීන දක්ෂතා අංශයෙන් 405) සිය හොඳම කාර්යසාධනය වාර්තා කිරීමට සමත් වූවාය.
ඒ අනුව ඇය පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, පන්දු යැවීමේ අංශයෙන් ස්ථාන 3 ක් ඉදිරියට පැමිණ 33 වැනි ස්ථානයටත්, තුන්ඉරියව් ක්‍රීඩිකාවන් අතර 3 වැනි ස්ථානයටත් පත්ව සිටින්නීය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණී ඉමේෂා දුලායි ද පන්දු 18 කදී ලකුණු 25 ක් රැස්කිරීමෙන් පසු ප්‍රසාද ලකුණු 625 ක් ලබාගනිමින් ස්ථාන 4 ක් ඉදිරියට පැමිණ 18 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියාය.
පන්දුයවන්නියන් අතුරින්, ලකුණු 14 කට විකට් 3 ක් දවාගත් මිථාලි අයෝධ්‍යා ස්ථාන 18 ක් ඉදිරියට පැමිණ ප්‍රසාද ලකුණු 444 ක් සමඟින් 70 වැනි ස්ථානයට පත්වූ අතර, ලකුණු 18 කට විකට් 2 ක් ලබාගත් සුගන්ධිකා කුමාරි ස්ථාන 5 ක් ඉදිරියට පැමිණ 23 වන ස්ථානය දිනාගත්තාය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart