
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුන්දි ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිටුපස කතෝලිකයකු සිටින බවට ප්‍රාදේශීය බුද්ධි අංශ හඳුනාගෙන ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ ප්‍රකාශ කළේය.
ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කරන පරිදි රට තුළ ඇති විය හැකි වාර්ගික සහ ආගමික නොසන්සුන්තාවක් පිළිබඳව විදේශීය බුද්ධි අංශ රජයට කිසිදු අනතුරු ඇඟවීමක් කර නොමැති බවද ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.
දේශපාලන ප්රකෝපකාරී ලෙස රටේ ඇතැම් ස්ථානවල වාර්ගික සහ ආගම්වාදී නොසන්සුන්තාවක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බව ප්‍රාදේශීය බුද්ධි අංශ හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳව රජය, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විශේෂ අවධානය යොමු කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මුලතිව් ප්‍රදේශයේ පදිංචි කතෝලිකයකු කුරුන්දි සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර එහි ප්‍රශ්නක් ඇති කිරීමට උත්සාහ කර ඇති බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇති බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart