September 3, 2026

සිසුන් සඳහා වන දේශන නියමිත පරිදි නොපැවැත්වීම සම්බන්ධයෙන් ලද පැමිණිලි මත පවත්වන ලද මූලික විමර්ශන වාර්තාව පදනම් කර ගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අංශයේ කථිකාචාර්යවරයකුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පියවර ගෙන තිබේ.

පසුගිය අගෝස්තු මස 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම තාවකාලික සේවා අත්හිටුවීම සිදු කර ඇත. මූලික විමර්ශන වාර්තාව පදනම් කර ගනිමින් තාවකාලිකව සේවය අත්හිටවූ ආචාර්යවරයාට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර තිබේ.

අදාළ ආචාර්යවරයා කිසිඳු දැනුම්දීමකින් තොරව දේශනවලට නොපැමිණීම හේතුවෙන් සිසු – සිසුවියන් අපහසුතාවට පත්වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබුණු බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.

(දිනමිණ)