
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි සති දෙක තුළ ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට රජය පියවර ගනිමින් සිටී.
පරිසර ඇමැති නසීර් අහමඩ් මේ බව අනාවරණය කරන ලද්දේ, ‘ස්ථාවර රටකට – සැවොම ඒක මඟකට’ මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඇමැතිවරයා එහිදී පැවසුවේ, ප්ලාස්ටික් මල්මාලා, වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීමබට, ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි නිෂ්පාදන කිහිපයක් ඉදිරි සති දෙක තුළ තහනම් කෙරෙන බවයි.
“රටේ වායු ආපදා තත්ත්වය වාර්තා කිරීම සඳහා හදිසි ප්‍රතිචාරාත්මක ක්‍රියාකාරී සැලැස්මක් මධ්‍යම පරිසර අධිකාරිය අදාළ පාර්ශ්වකාර ආයතනවල දායකත්වයෙන් දැනටමත් සකස් කර තිබෙන බව කිවයුතුයි. විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ද පරිසර අමාත්‍යාංශය විසින් හඳුන්වා දීමට නියමිතයි. ඛනිජ ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා ගමනාන්තය, වාහන අංකය සහ මාර්ග විස්තර ඇතුළත් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.” යැයි ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart