
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන වසරේ ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බද්ද (වැට්) අය කෙරෙන භාණ්ඩ ලැයිස්තුව යළි සළකා බැලීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය ඊයේ පැවසුවේ, අයිතම 138ක් අතුරින් 97ක් එම ලැයිස්තුවට ඇතුළත් කිරීම නැවත තක්සේරු කිරීමට රජය සූදානම් බවයි.
යෝජිත වැට් බදු සහන ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මතු කරන ගැටලු සළකා බැලීමට රජය විවෘත බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.
වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ ලැයිස්තුව සංශෝධනය කිරීම තුළින් රජය රුපියල් බිලියන 378ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය ඇමැතිවරයා අනාවරණ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, දේශීය ආහාර නිෂ්පාදන වැට් බදු ක්‍රමයට ඇතුළත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මතු වූ ගැටලුවලට පිළිතුරු දෙමිනි.
රජය, 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බදු අනුපාතය සියයට 03 කින්, සියයට 18 දක්වා වැඩිකර ඇත.
අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැර වැට් බදු නිදහස් කිරීම්වලින් ඉවත් කිරීමට ද යෝජනා වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart