
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීත්‍යනුකුල නොවන ආකාරයෙන් රට තුළට ජංගම දුරකථන ගෙන ඒම නිසා නීත්‍යනුකූලව ජංගම දුරකථන ගෙන්වන ප්‍රධාන ආයතන දැඩි අර්බුදයකට ලක්වන අතර මේ නිසා රජයට විශාල බදු ආදායමක් ද අහිමි වෙමින් පවතී.
නීත්‍යනුකූල නොවන ආකාරයට රට තුළට ගෙනවිත් තිබෙන ජංගම දුරකථන ලියාපදිංචි කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බවට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2020 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත්කළ ද එය මෙතෙක් ක්‍රියාත්මක කෙරී නැත.
මේ වන විට රජය මගින් වැට් බද්ද සියයට 18ට වැඩි කිරීමට ගෙන ඇති තීරණය නිසා නීත්‍යනුකූල ජංගම දුරකථන ගෙන්වන සමාගම් තවත් අසරණ වන බවත්, එමෙන්ම නීත්‍යනුකූලව ජංගම දුරකථන රටට ගෙන ඒම අඩුවුවහොත් රජය අපේක්‍ෂා කරන බදු ආදායම ද ලබාදිය නොහැකි බවත්, ප්‍රධාන සමාගම් රජයේ බලධාරීන්ට දන්වා ඇත.
නීත්‍යනුකූලව ජංගම දුරකථන ගෙන්වන සමාගම් වසරකට රජයට ඩොලර් මිලියන 52 ක් පමණ බදු ගෙවන විට නීත්‍යනුකූල නොවන ආකාරයට ජංගම දුරකථන ගෙන්වන පිරිස් අමෙරිකන් ඩොලර් මිලියන 96 කට වඩා වැඩි බදු ආදායමක් රජයට අහිමි කරන බවට ප්‍රධාන සමාගම් සැකකරයි.
ගුවනින් සහ මුහුදින් නීත්‍යනුකූල නොවන ආකාරයට රට තුළට ජංගම දුරකථන ගෙනඑන බවත්, ඒවා පිළිබඳව නිසි නියාමනයක් සිදු නොවන නිසා එය ජාවාරමක් බවට පත්වෙමින් තිබෙන බවත්, ප්‍රධාන සමාගම් කියයි.
මේ වන විට නීත්‍යනුකූල ජංගම දුරකථන අලෙවි කරන ප්‍රධාන ආයතන වලින් ඍජු සහ වක්‍ර ලෙස 20,000 ක පමණ පිරිසක් යැපෙන බවත්, නීත්‍යනුකූලව නොවන ආකාරයට තවදුරටත් ජංගම දුරකථන රටට පැමිණීම වළක්වන්නට නිසි පියවරක් නොගතහොත් විශාල පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් ඇති වෙමින් තිබෙන බවත්, ප්‍රධාන සමාගම් පවසයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart