
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරිපහදුවක් ස්ථාපනය කිරීම සඳහා තම සමාගමට ශ්‍රී ලංකා රජය ආරාධනා කර ඇති බව චීනයේ සයිනොපෙක් සමාගම පවසයි.
හොංකොං හිදී ජනමාධ්‍ය අමතමින්, සමාගමේ සභාපති යූ බඕකායි(Yu Baocai) සයිනොපෙක් හි ඉදිරි සැලසුම් ගැන අදහස් දක්වමින් මෙම තොරතුර හෙළිකළේය.
අපනයනය අරමුණු කරගෙන හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපනය සඳහා සයිනොපෙක් සමාගම සහ වයිටෝල් සමාගම මූලික වශයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් තෝරාගෙන තිබේ.
එසේම ලබන මාසයේදී සිය සන්නාමය යටතේ ශ්‍රී ලංකාව තුළ ඉන්ධන විකිණීමේ කටයුතු ආරම්භ කිරීමටද සයිනොපෙක් සමාගම සූදානම්ව සිටියි.
චීනය සම්බන්ධ වන නව ඉන්ධන පිරිපහදුවක් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart