May 28, 2024

පෞද්ගලික අංශයේ ආයතන සහ ස්වේච්ඡාවෙන් දායක වීමට කැමති පාර්ශ්වවල දායකත්වයෙන් වනජීවී බංගලාවල පහසුකම් ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කිරීමට රජයේ අනුමැතිය හිමිව තිබේ.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන කියාසිටියේ දැනට එවැනි වනජීවී බංගලා 52ක් පවතින බවයි.

වනජීවී රක්ෂිත ප්‍රදේශවල පිහිටා ඇති මෙම බංගලා ජාතික වටිනාකමක් ඇති බැවින් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වේ.

මෙම කටයුතු වනජීවී හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධානවලට පටහැනි නොවිය යුතු බවද ඔහු සඳහන් කළේය.