
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ පවතින වරදකරුවන් දඬුවමින් නිදහස් කිරීමේ සංස්කෘතිය අවසන් කිරීමට තීරනාත්මක පියවර නොගෙන, ශ්‍රී ලාංකික ජනතාවට “අනාගතයේදී තවත් විනාශයකට හා අඳුරකට මුහුණදීමට සිදුවනු ඇති” බව තරයේ විශ්වාස කරන්නේ යැයි ගෝලීය දෙමළ සංසදය (GTF) පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව පිළිගන්නා බවට ප්‍රකාශයක් නිකුත් කරමින් GTF මේ බව පවසා තිබේ.
රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආන්ඩුව විසින් මහ කොමසාරිස්ගේ වාර්තාවේ ප්‍රධාන කොටස් “සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම” මගින් ශ්‍රී ලංකාව තුළ වගවීමේ අපේක්ෂාවන් නොපවතින බව පෙන්නුම් කරන බවද GTF පවසයි.
“”මෙම බලාපොරොත්තු රහිත යථාර්ථය තුළ, ශ්‍රී ලංකාවේ සිදු වූ අපරාධ සඳහා වගවීම සම්බන්ධයෙන් ඇති එකම බලාපොරොත්තුව මානව හිමිකම් කවුන්සිලය පදනම් කරගත්, ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය වන අතර, මෙම වැදගත් කාර්යය පිළිබඳ යාවත්කාලීන කිරීම පිළිබඳව මහ කොමසාරිස්වරයාට අපි කෘතඥ වෙනවා.” යැයි GTF වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart