
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙම්වතාගේ ගෙළ සිරකර මරා දැමූ කාන්තාවක් රුවන්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කොස්ගම, අලුත්අම්බලම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
අඟුරුවැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සැකකාර කාන්තාව සමඟ මියගිය පුද්ගලයා වසරක පමණ කාලයක් පෙම් සම්බන්ධතාවයක් පවත්වා ඇතැයි පොලිසිය පවසයි.
දෙදෙනාම විවාහකයන් වන අතර පසුව මෙම කාන්තාව විසින් එම සම්බන්ධය නවත්වා දැමීමට කටයුතු කර ඇත.
ඊයේ(05) මියගිය පුද්ගලයා කාන්තාවගේ අඟුරුවැල්ල ප්‍රදේශයේ පදිංචි නිවසට පසුපස දොරින් පැමිණ ඇයට බලහත්කාරකමක් සිදුකිරීමට උත්සාහ දරා ඇති අතර, එම සහ අවස්ථාවේදී ජනේලය ආවරණය කිරීමට යොදාගන්නා රෙද්ද උපයෝගි කරගත් සැකකාරිය මෙම පුද්ගලයාගේ ගෙල සිරකර තිබෙන බව පොලීසිය පවසයි.
ඉදිරි විමර්ශන රුවන්වැල්ල පොලීසිය සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart