
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දඹුල්ල ප්‍රදේශයේ හෝටල් සමූහයක 59 හැවිරිදි මානව සම්පත් කළමණාකරු හෝටල් ලිපිකාරිනියකගේ වැටුප් වැඩිකිරීම සඳහා ලිංගික අල්ලසක් ඉල්ලා ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්, අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එම පුද්ගලයා ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 47(5) වගන්තිය යටතේ පෞද්ගලික අංශයේ අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකරන ලද පළමු නඩුව මෙයයි.
සැකකරු හෝටල් ලිපිකාරිනියගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීම සඳහා සියයට 75ක දීමනාවක් සහ වැටුප් වැඩිකිරීමක් ඉදිරිපත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
හබරණ ප්‍රදේශයේ වෙන්කර තිබූ හෝටල් කාමරයකට අදාළ කාන්තාව කැඳවා ගෙන ගිය අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කාන්තාව සිය හෝටල් කළමණාකරුට දැනුම් දීමෙන් අනතුරුව වැටළීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart