
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩුබායි හි පැවති උත්සවයක දී කොළඹ වරාය නගර (පෝර්ට් සිටි) ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා කොළඹ මූල්‍ය නගරය (Colombo Financial City ) ලෙස යළිත් නම් කිරීමෙන් පසු ,එහි ආයෝජනය කිරීම සදහා ඉදිරිපත්වූ ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයන් සිව්දෙනෙක් ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
චීනයේ අර්ධ රාජ්‍ය සමාගමක් වන CZK Huarui International Culture and Art ( Beijin ) හි සාමාන්‍යාධිකාරී සොෆියා ලී( SophiaLi) ඇතුළු තවත් තිදෙනකු එසේ පැමිණ තිබේ.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පසුගිය දා චීනයේ සිදුකළ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමග ඇති කරගත් එකගතා සහ ගිවිසුම් ගතවීම් මත මෙම ආයෝජකයන් පිරිස පැමිණ ඇත.
මෙම කණ්ඩායම පළමුවෙන්ම කොළඹ මූල්‍ය නගරයේ අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් මැණික් කෞතුකාගාරයක්, එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබේ .
මීට අමතරව මොවුන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීම සදහා සැළසුම් කර තිබේ .
මෙම සියලු ආයෝජන ව්‍යාපෘති සදහා දින 07 ක කාළයක් තුළ අවශ්‍ය අනුමැතිය ලබාදීමට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මේ වනවිට කටයුතු සම්පාදනය කර ඇති බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart