
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටහිර ඉන්දීය කොදෙව් සහ ට්‍රිනිබෑගෝ නයිට් රයිඩර්ස් තුන් ඉරියව් ක්‍රීඩක සුනිල් නරේන් රතු කාඩ්පතකින් දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් විය.
කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) 2023 T20 ලීගයේ අතරතුර කණ්ඩායම්වල මන්දගාමී පන්දු යැවීම සඳහා දඬුවම් පැමිණවීමට මෙම රතු කාඩ්පත් නිතිය හඳුන්වා දී තිබේ.
CPL හි හඳුන්වා දී ඇති ‘මන්දගාමී ඕවර් රේට්’ රීතියට අනුව, රතු කාඩ්පත ක්‍රියාත්මක වන්නේ 20 වැනි ඕවරය ආරම්භයේදී පන්දු යවන කණ්ඩායම ලකුණු ප්‍රමාණයට වඩා පිටුපසින් සිටියහොත් පමණි.
ඉනිමක් සඳහා මිනිත්තු 85ක නීතිය ලීගයේ දී සැළකිල්ලට ගනු ලබන අතර, එයින් ඇඟවෙන්නේ සෑම ඕවරයකටම මිනිත්තු 04 තත්පර 15 ක කාල සීමාවක් ලබාදෙන බවයි.
මෙම ගණනය කිරීම මත පදනම්ව, 19 වැනි ඕවරය විනාඩි 80 තත්පර 45 කින් අවසන් කළ යුතුය.
ලකුණු ප්‍රමාණය පිටුපසින් සිටියහොත්, පිටියේ විනිසුරු විසින් පන්දු යවන කණ්ඩායමට රතු කාඩ්පත නිකුත් කරනු ඇත.
එසේම පන්දු යවන කණ්ඩායමේ ක්‍රීඩකයකු පිටියෙන් ඉවත් කිරීමටද සිදුවේ.
මීට අමතරව, යාර 30 කවයෙන් පිටත පන්දු රකින්නන් දෙදෙනකු පමණක් රඳවා තැබීමට පන්දු යවන කණ්ඩායමට සිදුවේ.
සඳුදා පැවති CPL 2023 තරඟය අතරතුර, විනිසුරුවරයා අවසන් ඕවරය ආරම්භවීමට පෙර ක්‍රීඩාව නවතා ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් වෙත රතු කාඩ්පත ලබාදුන් අතර නායක කයිරන් පොලාඩ් වහාම සුනිල් නරේන්ට පිටියෙන් ඉවත්වන ලෙස සංඥා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart