
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවෙන් ලබා දෙන අරමුදල් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.
මහා සංඝරත්නයේ සහ බෞද්ධ ප්‍රජාවගේ ඇතැම් පාර්ශ්වයන්ගේ විරෝධයට ලක්ව ඇති රුපියල් බිලියන 7.7ක මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් වෙන් කිරීමට ඉන්දියාව එකඟත්වය පළ කර තිබේදැයි The Island පුවත්පත කළ විමසීමකට පිළිතුරු දෙමින් එම නිලධාරියා මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව වෙත ලබා දී ඇත්තේ ව්‍යාපෘතියේ මූලික දළ සැකැස්මක් පමණක් බවත්, එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආධාර ප්‍රමාණය අවසන් වශයෙන් තීරණය කිරීම සඳහා පුළුල් ව්‍යාපෘති යෝජනාවක් අවශ්‍ය බවත් එම නිලධාරියා පැවසීය. “අපි සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් ලැබෙන තෙක් බලා සිටිනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළ එම ප්‍රකාශකයා, එවැනි ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා රජයේ පිරිවිතරයන්ට අනුකූලව සකස් කළ සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාව තවමත් ලැබී නොමැති බැවින්, ව්‍යාපෘතිය සඳහා වන අනුමැතීන් ලබා දීම මෙතෙක් ආරම්භ කර නොමැති බව ද පැවසීය.
තවත් විමසීමකට පිළිතුරු දෙමින් එම නිලධාරියා කියා සිටියේ, 2025 අප්‍රේල් මස මුලදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා රජය විසින් මෙම ඉල්ලීම සිදු කළ බවයි. එම ඉල්ලීමට අනුව අනුරාධපුර පූජා නගර සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කළේය. රජය පවසන පරිදි මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුරයේ යටිතල පහසුකම්, බැතිමතුන්ගේ හා සංචාරකයින්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම සහ උරුමයන් සංරක්ෂණය කිරීම අපේක්ෂා කෙරේ.
මේ අතර, පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, මෙම ව්‍යාපෘතියෙන් කිසිදු හානියක් සිදු නොවන බවට වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් ලබා දුන් සහතිකය හේතුවෙන් අනුරාධපුර ව්‍යාපෘතියට එරෙහි විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව නතර කළ බවයි.
ඉදිරි වර්ධනයන් පිළිබඳව දැනට සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම අනුරාධපුර සංවර්ධන ව්‍යාපෘතියේ සමස්ත අරමුණු පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බව අවධාරණය කළ ඔහු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සමඟ එක්ව නොවැම්බර් 16 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් සිදු කළ ප්‍රකාශය හේතුවෙන් ඉන්දීය සහාය ලබන මෙම ව්‍යාපෘතියට එරෙහිව උද්ඝෝෂණය කළ පිරිස් යම් තරමකට සැනසීමට පත් වූ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart