November 26, 2026

රුසියානු සමූහාණ්ඩුවේ නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන්, 21 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද සමඟින් විශේෂ රුසියානු ගුවන් යානයකින් නොවැම්බර් 25 වැනි දින කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

RSD-306 දරන රුසියානු ගුවන් යානයෙන් මොස්කව් නුවර සිට පැමිණි මෙම දූත පිරිස රාත්‍රී 8.47 ට මෙරටට ළඟාවිය.

රුසියානු දූත පිරිසගේ පැමිණීමත් සමඟ ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි.