
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (TATA IPL) ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1,220 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, ඊට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් 21 දෙනෙකු ද ඇතුළත් වේ.
මෙම ලියාපදිංචි ක්‍රීඩක ලැයිස්තුවට ඉන්දීය ක්‍රීඩකයින් 939 දෙනෙකු සහ රටවල් 17ක් නියෝජනය කරන විදෙස් ක්‍රීඩකයින් 281 දෙනෙකු ඇතුළත්ව ඇත.
විදෙස් ක්‍රීඩක ලියාපදිංචියේ පෙරමුණ ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාව (ක්‍රීඩකයින් 53) වන අතර, දකුණු අප්‍රිකාව (40), බටහිර ඉන්දීය කොදෙව් (36), නවසීලන්තය (25), ඇෆ්ගනිස්ථානය (23) සහ ශ්‍රී ලංකාව (21) පිළිවෙළින් ඊට පසුපසින් සිටී.
වෙන්දේසියට පෙර කණ්ඩායම් 10 විසින් ක්‍රීඩකයින් 184 දෙනෙකු දැනටමත් රඳවාගෙන හෝ තෝරාගෙන ඇති බැවින්, වෙන්දේසියේදී පිරවීමට ඉතිරිව ඇත්තේ උපරිම ක්‍රීඩක ස්ථාන 66ක් පමණි. ඊට විදෙස් ක්‍රීඩකයින් සඳහා වෙන් වූ ස්ථාන 25ක් ද ඇතුළත් වේ.
සමස්ත ලියාපදිංචි ලැයිස්තුව ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයින් 184 දෙනෙකුගෙන්, ජාත්‍යන්තර වරම් නොලැබූ ක්‍රීඩකයින් 994 දෙනෙකුගෙන් සහ අනුබද්ධ රටවල ක්‍රීඩකයින් 42 දෙනෙකුගෙන් සමන්විත වේ.
ජාත්‍යන්තර වරම් නොලැබූ ක්‍රීඩකයින් අතරින් 925 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර, මීට පෙර IPL තරගාවලි සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 127 දෙනෙකු ද ඒ අතර වේ.
මෙම ලැයිස්තුවෙන් අවසන් ක්‍රීඩක සංචිතයට ඇතුළත් කර ගැනීමට කැමති ක්‍රීඩකයින්ගේ නම් කණ්ඩායම් හිමිකරුවන් විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්‍රීඩක කාණ්ඩ සමඟින් වෙන්දේසියේ අවසන් ක්‍රීඩක ලැයිස්තුව 2026 දෙසැම්බර් 4 වන සිකුරාදා නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
කණ්ඩායම් 10 සතුව ඉතිරිව ඇති මුළු වැටුප් සීමාව ඉන්දීය රුපියල් කෝටි 295.60කි. ඒ අතරින් වැඩිම මුදලක් ඉතිරිව ඇත්තේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සතුව වන අතර එම අගය ඉන්දීය රුපියල් කෝටි 47.45කි. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සතුව ඉන්දීය රුපියල් කෝටි 41.65ක් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සතුව ඉන්දීය රුපියල් කෝටි 40.15ක් ඉතිරිව පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart