
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික අශ්වාරෝහක සම්මේලනයේ ‘Jumping World Challenge’ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ප්‍රථම අසරුවා බවට පත්වෙමින් රෂ්මින් තිරිමාන්න ද සිල්වා ඓතිහාසික වාර්තාවක් පිහිටුවා තිබේ. කොළඹ පදිංචි ඔහු, මෙම මාසයේ ඉන්දියාවේ බැංගලෝර්හි ‘Surge Stables’ හි පැවැති 2026 තරගමාලාවේ දකුණු කලාපීය අදියරට තරග වැදී, වට පහකින් වට දෙකක් ගැටළු රහිතව නිම කිරීමට සමත් විය.
ඉන්දියාවට යාමට පෙර කිසිදා එක්ව පුහුණුවීම් කර නොතිබූ ‘වැලන්ටිකා’ නම් වෙළඹ පිට නැඟී රෂ්මින් මීටර 1 සිට මීටර 1.10 දක්වා උසකින් යුත් බාධක ඇතුළත් ‘C’ කාණ්ඩය යටතේ තරග කළේය.
ශ්‍රී ලංකා අශ්වාරෝහක සංගමයේ අනුග්‍රහය සහ ඉන්දීය අශ්වාරෝහක සම්මේලනයේ අනුමැතිය යටතේ තරග වැදුණු ඔහුට, 2025 තරගමාලාවේ ‘B’ කාණ්ඩයේ ශූරයා වූ Surge Stables හි බාලාජි විජයශංකර් පුහුණුකරු ලෙස කටයුතු කළේය.
සිය දක්ෂතාවය පිළිබඳව අදහස් දක්වමින් රෂ්මින් සඳහන් කර ඇත්තේ, එය සුවිශේෂී අවස්ථාවක් බවත් වැලන්ටිකා අතිදක්ෂ හා පහසුවෙන් හැසිරවිය හැකි වෙළඹක බවත්ය.
2015 වසරේදී විධිමත් පුහුණුවීම් ඇරඹූ රෂ්මින්, 2017දී ප්‍රංශයේ ‘Haras de Jardy’ හිදී සෙන්ටිමීටර 90 ඉසව් දෙකක් ජයග්‍රහණය කර මීටර 1 ‘Grand Prix’ තරගයෙන් පස්වැනි තැන දිනා ගත්තේය. 2018 ජනවාරියේදී ඉන්දියාවේ පොන්ඩිචෙරි තරගාවලියට එක් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වෙමින් ‘Caveman’ අශ්වයා සමඟ තරගකරුවන් 35 දෙනකු අතරින් සෙන්ටිමීටර 80 ‘Table A Open’ ඉසව්වේ ජය හිමිකර ගත් ඔහු, 2019 දියතලාව SLMA අශ්වාරෝහක උළෙලේදී දෙවැනි ස්ථානය දිනා ගත්තේය.
මෙම නවතම ජයග්‍රහණයත් සමඟ අන්තර්ජාතික FEI තරගාවලියකට තරග වදින ශ්‍රී ලංකාවේ වෙසෙන එකම අසරුවා බවට පත්ව සිටින රෂ්මින්ගේ ප්‍රතිඵල World Challenge ලෝක ශ්‍රේණිගත කිරීම් සඳහා එක් කෙරෙන අතර, FEI තහවුරු කිරීමෙන් පසු 2027 ජනවාරි අගදී අවසන් ශ්‍රේණිගත කිරීම් නිකුත් කිරීමට නියමිතය. ලෝක තරගාවලි ශ්‍රී ලංකාවේ නොපැවැත්වුවද විදෙස් තරගවලදී මව්රට නියෝජනය කිරීමට ලැබෙන මෙම අවස්ථාව, මෙරට අශ්වාරෝහක ක්‍රීඩාවේ වැදගත් කඩඉමක් ලෙස සැලකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart