
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ධාවනය වන බස් රථයක සේවය කළ කොන්දොස්තරවරයකු, ගංජා පැකට් 23ක් සන්තකයේ තබාගෙන සිටියදී සිරිපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිස් භාරයට ගත් තොගය අතර ග්‍රෑම් 100ක් බරැති ගංජා පැකට්ටුවක් සහ ග්‍රෑම් 5 බැගින් වූ කුඩා ගංජා පැකට් 22ක් තිබූ බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු දෙහිඅත්තකණ්ඩිය වැඩබලන මහේස්ත්‍රාත් උදාරි සමන්තිකා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් මෙම ගංජා තොගය මිලදී ගෙන අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පොලීසිය සඳහන් කරන පරිදි, සැකකරු ගංජා පැකට් පහක් මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම ඔහුට තවත් එක් පැකට්ටුවක් නොමිලේ ලැබෙන විශේෂ එකඟතාවක් මත ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇත. ඔහු එක් පැකට්ටුවක් රුපියල් 1,000 බැගින් අලෙවි කර ඇති අතර, නොමිලේ ලැබෙන පැකට් ද අලෙවි කිරීමෙන් අමතර ආදායමක් උපයාගෙන තිබේ.
ගාල්ලේ සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා වූ සිය බස් ධාවන වාරය අවසන් කර, බස් රථය ඩිපෝවට භාර දීමෙන් අනතුරුව සැකකරු මෙම නීතිවිරෝධී ජාවාරම සිදුකර ඇති බව වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත.
ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත මීට පෙර අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක්, අදාළ බස් රථය දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට පැමිණෙන තෙක් රහසිගතව නිරීක්ෂණය කර තිබේ.
ඒ අනුව, සැකකරු ඩිපෝවෙන් පිටතට පැමිණ ගංජා අලෙවි කිරීමට සූදානම් වෙමින් සිටියදී පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart