
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගම්පහ දිස්ත්‍රික්කයේ කල්එළිය ප්‍රදේශයේ ඩන්කන් මාවතේ කාර්මාන්ත ශාලාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගිනිඅවි නිෂ්පාදන කම්හලක් පොලිසිය විසින් වටළා ඇත.
එම කම්හල පවත්වාගෙන ගිය 62 හැවිරිදි පුද්ගලයෙක් සහ 32 හැවිරිදි ඔහුගේ පුත්‍රයා ගිනිඅවි, පතොරම් ඇතුළු අවි ආයුධ නිෂ්පාදන කර විකිණිම හා කුලියටදීම සම්බන්ධයෙන් අඟහරුවාදා ( අගොස්තු 29 ) පල්ලෙවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබී ගිනිඅවි නිෂ්පාදන සඳහා යොදාගන්නා යාන්ත්‍රික කොටස්, වායු රයිෆලයක්, ඊයම් කිලෝ 02ක්, ලෝහ බට , පිහි, පතොරම් කොපු ඇතුළු ද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.
නිෂ්පාදන කරන ලද ගිනි අවි පුද්ගලයන් කිහිපදෙනකුට අලෙවිකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මේ සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවන් සොයා පල්ලෙවල පොලිසිය පරීක්ෂණයක් දියත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart