
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකාවට එන සමහර විදේශිකයන්ගේ වැඩ නම් ඇත්තටම හිතාගන්නත් බෑ. මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ අමුතුම කතාවක්. හැබැයි මේක ලංකාවට ආපු හිඟන්නෙක් කරපු වැඩක් නෙවෙයි, එංගලන්තයේ ඉඳපු කෝටිපති ව්‍යාපාරිකයෙක් කරපු වැඩක්.
හබරාදුව නගරයේ තියෙන ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලකින් රුපියල් 2590ක් වටිනා බඩු වගයක් හොරකම් කරපු චෝදනාවට මේ කියන 76 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා (මොතී ග්‍රැහැම් ඇන්ඩසන්) පසුගිය 23 වැනිදා හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා.
සාක්කුවේ කෝටි ගණන් සල්ලි තියෙන, මේ රටේ ඉඩකඩම් පවා මිලදී ගත්තා කියන මේ සුද්දා සුපිරි වෙළඳසැලෙන් හොරෙන් අරන් තියෙන්නේ මොනවාද දන්නවාද? රටලූණු, සොසේජස් වර්ග සහ එළවළු වර්ගයි.
මුදල් නොගෙවා මේවා හොරෙන් අරන් යන හැටි CCTV කැමරාවල සවුත්තු විදිහටම සටහන් වෙලා තිබිලා තියෙනවා. හැබැයි වැඩේ කියන්නේ මෙයා මීට කලිනුත් ඔය වෙළඳසැලෙන්ම ඔය විදිහටම බඩු හොරකම් කරලා තියෙන බව දැන් හෙළිවෙලා තියෙන එකයි. වෙළඳසැලේ කළමනාකාරිනිය කරපු පැමිණිල්ලකට අනුව තමයි පොලිසිය ගිහින් සුද්දාට මාංචු දාලා තියෙන්නේ.
පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණු තොරතුරු දැක්කම නම් කාටත් හිතුණේ “අනේ අපොයි” කියලා. මේ සුද්දා කළින් එංගලන්තයේ ඉඳපු සුපිරි කෝටිපතියෙක්. ලංකාවට ඇවිත් මෙහෙන් ඉඩකඩම් පවා මිලදී ගෙන තියෙනවා. හැබැයි පස්සේ කාලෙක මොකක් හරි සීන් එකක් වෙලා මෙයාට ඒ ඉඩකඩම් ඔක්කොම අහිමි වෙලා තියෙනවා. මැයි 26 වැනිදා ලංකාවට ඇවිත් තියෙන මෙයාගේ වීසා එකේ තව මාස 3ක් මෙහේ ඉන්න අවසර තිබිලා තියෙනවා.
තවත් විශේෂම කතාවක් තමයි, මේ සුද්දගේ එක පුතෙක් එංගලන්ත පාපන්දු කණ්ඩායමේ නිල ඡායාරූප ශිල්පියෙක් විදිහට වැඩ කරන ප්‍රසිද්ධ පොරක්ලු.
කොහොමවුණත්, ලූණුයි සොසේජසුයි හොරකම් කරලා චාටර් වුණු මේ බ්‍රිතාන්‍ය ජාතිකයා ව පසුගිය 24 වැනිදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා කියලා තමයි ආරංචිය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart