
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ තුනක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් රුපියල් බිලියන 10ක ඇස්තමේන්තුවක් භාණ්ඩාගාරයට ඉදිරිපත් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කරයි.
ඉදිරි මැතිවරණ සඳහා අවශ්‍ය මුදල් සපයාගැනීම සඳහා අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට තීරණය කළ බවද ඔහු පැහැදිලි කළේය.
එළැඹෙන ජනාධිපතිවරණය ලබන වසරේ සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 17 අතර පැවැත්වීමට අපේක්ෂා කරන බවත්, මහ මැතිවරණය 2025දී පැවැත්වීමට අපේක්ෂා කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශකර තිබිණි.
මේ අතර, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම ලබන වසරේ පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart