
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ රට පුරා සිදුවූ හදිසි විදුලිය බිඳවැටීම හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවූ සෘජු හානිය රුපියල් කෝටි 600කට අධික බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පෙන්වා දෙයි.
පැය 07ක පමණ කාලයක් තිස්සේ පැවැති මෙම විදුලිය බිඳවැටීමට වත්මන් විදුලිබල ඇමැතිවරයා සහ අමාත්‍යංශයේ ලේකම්වරයා සෘජුවම වගකිවයුතු බවද හිටපු සභාපතිවරයා ජනක රත්නායක පවසයි.
අද කැඳවා තිබූ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
“2021 දෙසැම්බර් 03 වැනිදා මේ ආකාරයටම රට පුරා විදුලිය බිඳවැටුණා. එදා ගිගා වොට් පැය 10ක විදුලි ප්‍රමාණයක ඉල්ලුම සපුරාලන්න බැරිවුණා. එහි ආර්ථික හානිය රුපියල් කෝටි 1500ක් පමණ වුණා. ඊයේ රාත්‍රි බිඳවැටීම පැය කිහිපයකින් යථා තත්ත්වයට පත්කරන්න හැකියාව ලැබුණත්, එහිදීද රුපියල් කෝටි 600කට අධික ආර්ථික හානියක් සිදුවුණා. තවදුරටත් හානිය සිදුවෙමින් පවතිනවා. මන්ද මේ වන නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වෙලා. ඒ වෙනුවට ඉන්ධන බලාගාරවලින් විදුලිය ගන්න සිදුවෙනවා නම් ඒකකයට රුපියල් 60කට අධික පාඩුවක් සිදුවෙනවා. ඒ පාඩුවද එක් කළ විට ඊයේ විදුලිය බිඳ වැට්ටවීමේ පාඩුව රුපියල් කෝටි 1,000කට ආසන්න වෙන්න පුළුවන්. ප්‍රසිද්ධ විභාගයක් ද පවත්වා අපි විසින් නිකුත් කළ නියෝගය මගින් විදුලි බල අමාත්‍යංශයට හා ලංකා විදුලිබල මණ්ඩලයට නිර්දේශ 07ක් ඉදිරිපත් කළා. “
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart