
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රේගු බදු නොගෙවා ශ්‍රී ලංකාවට ගෙන්වා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට පසුව එහි දත්ත මකාදමා ඇතැයි අනාවරණය වී ඇති රුපියල් කෝටි සියයකට ආසන්න වටිනාකමක් සහිත අති සුඛෝපභෝගී වාහන හයක් වහාම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාරදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.
තම කොමිෂන් සභාව විසින් සිදුකළ විමර්ශන අනුව එකී වාහන මාතර කුරුණෑගල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල භාවිත කරන බවට හා එහි ලියාපදිංචි හිමිකරුවන් පිළිබඳව සියලු විස්තර අනාවරණය වී ඇතැයි පෙන්වා දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
එම ජාවාරමට සම්බන්ධ සියලුදෙනාම තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.
එකී වාහන භාරගැනීමෙන් පසුව සිදුකෙරෙනුයේ කුමක්දැයි විමර්ශන නිලධාරීන්ගෙන් ප්‍රධාන මාහේස්ත්‍රාත්වරයා විමසූ අතර වාහන ලියාපදිංචි හිමිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර වාහන යළි රේගුවට භාරදීමට පියවර ගන්නා බව විමර්ශන නිලධාරීන් පැවසූහ.
එවිට එම වාහන ශ්‍රී ලංකා රේගුව විසින් වෙන්දේසි කරනු ඇති බවත් ඒවා නැවත එකී පුද්ගලයන් අතට යාමට ඉඩකඩ නොමැත්තේදැයි විමර්ශන නිලධාරීන්ගෙන් විමසූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, එතරම් නීතිවිරෝධී ලෙස සිදුකරන ඇති එම මහා ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන අතරමග නතර නොකොට විධිමත් ආකාරයෙන් සිදුකර වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු යැයි ද විමර්ශන නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart