
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිකුණාමලය බොරළුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ සිදුකෙරෙන ඉදිකිරීම් සහ එළිපෙහෙළි කිරීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසට විහාරාධිපති හිමියන් වෙත නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් විසින් ඊයේ (10) නියෝගයක් නිකුත් කර ඇත.
මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයා තමන්ව දැනුවත් කර ඇති බව විහාරාධිපති සුඛිත වංසතිස්ස හිමියෝ පවසති.
මෙම විහාරස්ථානය ත්‍රිකුණාමලය නිලාවේලි මාර්ගයේ පෙරියකුලම් ප්‍රදේශයේ පිහිටා ඇත.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් විසින් නැගෙනහිර ආණ්ඩුකාරවරයාට පසුගියදා (08) දුරකථනයෙන් දැනුම්දුන් පරිදි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම කටයුතු නතර කරන ලෙස ලිඛිත දැනුම්දීමක් කර තිබේ.
විහාරස්ථානය අවට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හේතුවෙන් මන්ත්‍රීවරයාගේ සහ ආණ්ඩුකාරවරයාගේ දුරකථන ඇමතුම් ඔස්සේ ලැබුණු වාචික උපදෙස් මත බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස ප්‍රාදේශීය ලේකම් පොන්නයියා දනේශ්වරන් විහාරධිපති හිමියන්ට දන්වා ඇත.
අදාළ නියෝගයේ පිටපත් ආණ්ඩුකාර ලේකම්, දිස්ත්‍රික් ලේකම්, ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිලාවේලි පොලිස් ස්ථානාධිපති සහ ඉලුප්පුකුලම් ග්‍රාම නිලධාරී වෙත යවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart